Department of Cinnamon Development
තවාන් කළමනාකරණය

තවාන් කළමනාකරණය

Cinnamon Seeds

සාර්ථක කුරුඳු වගාවක මුලික පදනම ගුණාත්මයෙන් යුතු කුරුඳු පැලයක් සිටුවා ගැනීමයි. කුරුඳු පැල නිෂ්පාදනය බිජ මගින් සහ වර්ධක ප්‍රචාරණය මගින් සිදු කරනු ලබයි. බිජ මගින් ප්‍රචාරණය මින් වඩා ලාබදායි සහ පහසුම ක්‍රමය ලෙස බහුලව භාවිත කරයි.

බීජ මගින් ප්‍රචාරණය

  • කුරුඳු බීජ ප්‍රධාන වශයෙන් වසරකට වරක් ලබා ගත හැක (ජුනි – ජූලි).
  • බීජ මගින් ප්‍රචාරණය සිදු කිරීමේදී ක්ෂේත්‍රයේ සිටුවීමට ඉහල ගුණාත්මයෙන් යුතු බීජ පැල බඳුනක් ලබා ගැනීමට පදනම් වන්නේ මූලිකව තවානක් සැකසීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම, බීජ ලබා ගැනීම සඳහා සුදුසු මව් ශාඛ තෝරා ගැනීම සහ සුදුසු ගෙඩි සහ බීජ තෝරා ගැනීම, බීජ සිටුවීම සඳහා සුදුසු බඳුන් සහ බඳුන් මිශ්‍රණ තෝරා ගැනීම, සහ නිසි තවාන් කළමනාකරණ කටයුතු සිදු කිරීමයි.
Nursery Beds
Potting Soil Mix

තවානක් සැකසීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම

කුරුඳු සූර්යාලෝකය ප්‍රිය කරන ශාඛයක් වන හෙයින් හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් තෝරාගත යුතුය. එමෙන්ම මනාව ජලය බැසයන, බොහෝ දුරට සමතලා භූමියක් වීම, ජල සැපයුමක් සහිත ස්ථානයක් වීම, සහ පැල ප්‍රවාහනය සඳහා පහසුකම් සහිත ස්ථානයක් වීම නම් වඩා සුදුසුවේ. අවට පරිසරය කුරුඳු පළිබෝධ සහ රෝගකාරක වලින් තොර වීම නිරෝගී තවාන් පැළ බඳුනක් ලබා ගැනීම සඳහා වැදගත්වේ.

ගුණාත්මක බීජ තෝරා ගැනීම හා ප්‍රරෝහණය

වැඩි දිරියෙන් යුතු කුරුඳු පැල නිෂ්පාදනය සඳහා ඉහල ගුණාත්මයෙන් යුතු බීජ තෝරා ගැනීම සහ සාර්ථක ප්‍රරෝහණය සහතික කිරීම ඉතා වැදගත් වේ.

  • ගුණාත්මක බීජ තෝරා ගැනීම: හොඳින් ඉදී දම් පැහැයට හැරුණු විශාලත්වයෙන් වැඩි කුරුඳු ගෙඩි නෙලා ගැනීම මගින් ඒකාකාර වර්ධනයක් සහිත නිරෝගී පැල බඳුනක් ලබාගත හැකි වේ.
  • බීජ සකස් කිරීම: නෙලාගත් පසු සිටුවීමට පෙර ගෙඩි වල ඵලාවරණය ඉවත් කර පිරිසිදු ජලයෙන් සෝදා ගැනීම කල යුතුය. සෝදාගත් බිජ දින දෙක තුනක් හිරු එලියට නිරාවරණය නොවන වාතාශ්‍රය සහිත පිරිසිදු ස්ථානයක උපස්තරයක් මත අතුරා පවනේ වියළා ගැනීම මගින් සති 2ක් පමණ කාලයක් බිජ තවාන් දමන තෙක් ජීව්‍යතාවය ආරක්ෂා වන පරිදි බීජ තබාගත හැකි වේ. දිගු කලක් ගබඩා කර තැබීමෙන් ජීව්‍යතාවය ක්‍රමයෙන් අඩු වේ. එම නිසා බීජ සේදීමෙන් පසු හැකි ඉක්මණින් තවාන් කිරීමෙන් වැඩි ජීව්‍යතාවයක් රැකගත හැකිය.

තවාන් බඳුන් සකස් කිරීම

කුරුඳු පැළවල ප්‍රශස්ත වර්ධනය සහතික කිරීම සඳහා, තවාන් බඳුන් නිසි ලෙස සකස් කිරීම අත්‍යවශ්‍ය වේ:

  • නිර්දේශිත බඳුනේ විශාලත්වය: නිර්දේශිත බඳුනේ විශාලත්වය සෙ. මී. 20 × 12.5 (අඟල් 8 × 5) වේ. මෙම බඳුන් මාස 6ක තවාන් කාලය තුල සාර්ථක පැළ වර්ධනයක් සඳහා ප්‍රමාණවත් වේ.
  • බඳුන් සාදන ද්‍රව්‍ය තේරීම: බඳුනට හානියක් නොවන සේ මාස 6 ක පමණ කාලයක් බීජ පැල තවානේ තබා ගැනීමට ගේජ් 250 ඝනකම කළු පොලිතින් භාවිතා කර බඳුන් සකසා ගැනීම සුදුසුවේ.
  • ජලාපවහන සිදුරු සැදීම: බඳුනේ තෙතමනය ආරක්ෂා වීම සඳහා සහ මුදුන් මුල පොලවට සම්බන්ධ වීම වැලකෙන සේ පතුලේ සිට සෙ. මී 2.5 ක් පමණ ඉහළින් සිදුරු 4 ක් සැදීම කල යුතුය.
Polythene Pot
Hole Punching

බඳුන් පිරවීම සහ තවාන සකස් කර ගැනීම

  • බඳුන් පිරවීම: තවාන් මිශ්‍රණයෙන් පොලිතින් බඳුන් පුරවා ගැනීමේ දී බඳුනේ ඉහළ සිට සෙ.මි. 2 ක් පමණ ඉතිරිවන සේ පිරවිය යුතු වේ. බඳුන් පිරවීමේදී මුලින් බඳුනෙන් අඩක් පුරවා එය හොඳින් පොලවට තට්ටුකර බඳුන් මිශ්‍රණය හොදින් ස්ථාවර කර ඉන් පසු ඉතිරි කොටස පිරවීම සිදු කරයි.
  • තවාන සකස් කර ගැනීම: තවාන සකස් කර ගැනීමේදී තවාන තුල සිදු කෙරෙන කළමනාකරණ කටයුතු වලට පහසු වන පරිදි තවාන් ව්‍යුහය සහ බඳුන් ඇසිරීම කල යුතුය.

බීජ පැළ කිරීම

  • බීජ බඳුන් ගත කිරීම: එක බඳුනක කුරුඳු බීජ 8-10 ක් සමාකාරව තැන්පත් කොට තවාන් බඳුන් මිශ්‍රණය හෝ තුනී පස් ස්ථරයකින් (සෙ. මී. 0.5 ක) වැසිය යුතුය. ඉන්පසු කොහුබත් වැනි වසුනකින් ආවරණය කිරීම වඩාත් සුදුසු වේ. මේ මගින් තෙතමනය ආරක්ෂා වීම මෙන්ම ජල සම්පාදනයේදී කුරුඳු බීජ මතුපිටට නිරාවරණය වීම වලක්වයි.
  • බීජ ප්‍රරෝහණය: බීජ සිටුවා සති දෙකකින් පමණ නිරෝගී බීජ ප්‍රරෝහණය වීම දැකගත හැකිය.

තවාන් කළමනාකරණය

  • සෙවන: බීජ සිටුවා මාස 2 ක පමණ කාලයක් අඩි 2ක් පමණ ඉහළින් තාවකාලික සෙවණ සැපයීම කළ යුතුය. ඉන්පසු ක්‍රමයෙන් සූර්යලෝකයට හුරු කර ඉතිරි තවාන් කාලය තුලදී සම්පූර්ණයෙන්ම සූර්යාලෝකයට නිරාවරණය විය යුතුය. නමුත් අධික වියලි කාල වලදී අවශ්‍යතාවය අනුව සෙවණ සැපයීම සිදුකල යුතුවේ.
  • ජල සම්පාදනය: ජල සම්පාදනය අවශ්‍ය පරිදි සිදුකල යුතු අතර විශේෂයෙන් පැල කුඩා අවදියේදී මේ පිලිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. රෝග සහ පළිබෝධ හානි පිලිබඳ නිතර සැලකිලිමත් විය යුතු අතර එවැනි අවස්ථා හඳුනාගතහොත් මුලික අවස්ථාවේදීම පාලනය කල යුතුය.
  • ක්ෂේත්‍ර ස්ථාපනය: බීජ සිටුවා මාස 4-6ක කාලයකින් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කළ හැක.
  • දිගු තවාන් කාලය: බීජ පැල මාස හයකට වඩා වැඩි කාලයක් තවාන් තුළ රැඳී සිටීමට නම්, තෙතමනය රඳවා තබා ගැනීම සහ ප්‍රශස්ත වර්ධනය වන තත්ත්වයන් පවත්වා ගැනීම සඳහා තවාන් බිම මත පොලිතින් අතුරනයක් යෙදීම සුදුසුවේ.

වැඩි ගුණාත්මයක් සහ වැඩි දිරියකින් යුතු නිරෝගී පැල බඳුනක් ක්ෂේත්‍රයේ සිටුවීමට සාදා ගැනීමට මුලික පදනම වන්නේ ඉහත සඳහන් තවාන් කළමනාකරණ කටයුතු ක්‍රමවත්ව සිදු කිරීමයි.

ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු පැළ බඳුනක තිබිය යුතු ලක්ෂණ

කුරුඳු බීජ පැල සාර්ථකව වගා කිරීම සහතික කිරීම සඳහා, සිටුවීමට සුදුසු පැළ බඳුනක පහත ලක්ෂණ පෙන්නුම් කිරීම අත්‍යවශ්‍ය වේ:

  • බඳුනේ වයස: කුරුඳු පැල ක්ෂේත්‍රයේ සාර්ථකව වර්ධනය වීම සඳහා පැල බඳුනක වයස මාස 4 ඉක්මවා තිබිය යුතුය.
  • බඳුනකට පැල ගණන: සෑම බඳුනකම හොඳින් වැඩුණු පැල 5-8ක් අතර ප්‍රමාණයක් අඩංගු විය යුතුය.
  • පැල උස: පැල බඳුනේ ඉහල මට්ටමේ සිට ආසන්න වශයෙන් 15 cm (අඟල් 6) පමණ උසකට පැල වර්ධනය වී තිබිය යුතුය.
  • පත්‍ර වලයන්: සෑම පැලයකම හොඳින් වැඩුණු පත්‍ර වලයන් තුනක් හෝ හතරක් වර්ධනය වී තිබිය යුතුය.
  • නිරෝගී බව: ශාක රෝග හා කෘමි හානිවලින් තොර විය යුතුය.
  • බීජ පැතිරීම: තවාන් අවධියේදී බඳුන පුරා සමාකාරව විසිරෙන සේ බීජ සිටුවිය යුතුය.
  • බඳුනේ ශක්තිමත් බව: පූර්ණ තවාන් කාලය තුලම පොලිතීන් බඳුන හානි නොවී තිබිය යුතුය.
  • මුදුන් මුල වර්ධනය: පැලවල මුදුන් මුල බඳුනෙන් පිටතට වැඩී නොතිබිය යුතුය.

මෙම ලක්ෂණ සහිත කුරුඳු පැල බඳුනක් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු ඉහල ගුණාත්මයෙන් යුතු පැල බඳුනක් ලෙස හඳුනා ගත හැක.

Seed Arrangement in Pot
Pots with Seeds Ready

බඳුන් පිරවීම, තවාන සකස් කර ගැනීම

  • තවාන් මිශ්‍රණයෙන් පොලිතින් බඳුන් පුරවා ගැනීමේ දී බඳුනේ ඉහළ සිට සෙ.මි. 2 ක් පමණ ඉතිරිවන සේ පිරවිය යුතු වේ. බඳුන් පිරවීමේදී මුලින් බඳුනෙන් අඩක් පුරවා එය හොඳින් පොලවට තට්ටුකර බඳුන් මිශ්‍රණය හොදින් ස්ථාවර කර ඉන් පසු ඉතිරි කොටස පිරවීම සිදු කරයි.
  • තවාන සකස් කර ගැනීමේදී තවාන තුල සිදු කෙරෙන කළමනාකරණ කටයුතු වලට පහසු වන පරිදි තවාන් ව්‍යුහය සහ බඳුන් ඇසිරීම කල යුතුය.

බීජ පැළ කිරීම

  • එක බඳුනක කුරුඳු බීජ 8-10 ක් සමාකාරව තැන්පත් කොට තවාන් බඳුන් මිශ්‍රණය හෝ තුනී පස් ස්ථරයකින් (සෙ. මී. 0.5 ක) වැසිය යුතුය. ඉන්පසු කොහුබත් වැනි වසුනකින් ආවරණය කිරීම වඩාත් සුදුසු වේ.
  • බීජ සිටුවා සති දෙකකින් පමණ නිරෝගී බීජ ප්‍රරෝහණය වීම දැකගත හැකිය.

තවාන් කළමනාකරණය

  • බීජ සිටුවා මාස 2 ක පමණ කාලයක් අඩි 2ක් පමණ ඉහළින් තාවකාලික සෙවණ සැපයීම කළ යුතුය. ඉන්පසු ක්‍රමයෙන් සූර්යලෝකයට හුරු කර ඉතිරි තවාන් කාලය තුලදී සම්පූර්ණයෙන්ම සූර්යාලෝකයට නිරාවරණය විය යුතුය.
  • ජල සම්පාදනය අවශ්‍ය පරිදි සිදුකල යුතු අතර විශේෂයෙන් පැල කුඩා අවදියේදී මේ පිලිබඳ වඩා සැලකිලිමත් විය යුතුය.
  • බීජ සිටුවා මාස 4-6ක කාලයකින් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කළ හැක.
  • බීජ පැල මාස හයකට වඩා වැඩි කාලයක් තවාන් තුළ රැඳී සිටීමට නම්, තවාන් බිම මත පොලිතින් අතුරනයක් යෙදීම සුදුසුවේ.

ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු පැළ බඳුනක තිබිය යුතු ලක්ෂණ:

  • පැල බඳුනක වයස මාස 4 ඉක්මවා තිබිය යුතුය.
  • සෑම බඳුනකම හොඳින් වැඩුණු පැල 5-8ක් අතර ප්‍රමාණයක් අඩංගු විය යුතුය.
  • පැල බඳුනේ ඉහල මට්ටමේ සිට ආසන්න වශයෙන් 15 cm (අඟල් 6) පමණ උසකට පැල වර්ධනය වී තිබිය යුතුය.
  • සෑම පැලයකම හොඳින් වැඩුණු පත්‍ර වලයන් තුනක් හෝ හතරක් වර්ධනය වී තිබිය යුතුය.
  • ශාක රෝග හා කෘමි හානිවලින් තොර විය යුතුය.
  • තවාන් අවධියේදී බඳුන පුරා සමාකාරව විසිරෙන සේ බීජ සිටුවිය යුතුය.
  • පූර්ණ තවාන් කාලය තුලම පොලිතීන් බඳුන හානි නොවී තිබිය යුතුය.
  • පැලවල මුදුන් මුල බඳුනෙන් පිටතට වැඩී නොතිබිය යුතුය.
Potted Cinnamon Plant
Nursery Beds with Light

වර්ධක ප්‍රචාරණය

ලිංගික ප්‍රජනනයෙන් ලැබෙන බීජ පැළවල රූප විද්‍යාත්මක ලක්ෂණ, අස්වැන්න, තෙල් ප්‍රතිශතය සහ සමස්ත ගුණාත්මක භාවයේ විචල්‍යතාව හේතුවෙන් කුරුඳු වගාව සඳහා වර්ධක ප්‍රචාරණය ඉතා වැදගත් වේ. කුරුඳු ද්වීලිංගික ශාකයක් බැවින් බීජ මගින් විවිධ ලක්ෂණ සහිත පැළ හටගත හැක. එබැවින් ගුණාත්මක මව් ශාකවලින් ලබාගන්නා දඬු කැබලි මගින් ප්‍රචාරණය කිරීමෙන් අපේක්ෂිත ලක්ෂණ ඒකාකාරීව පවත්වා ගැනීමට හැකිවේ.

දඬු කැබලි තෝරා ගැනීම

කුරුඳු ප්‍රචාරණය සඳහා සුදුසු දඬු කැබලි තෝරා ගැනීමේදී සක්‍රීය පාර්ශ්වික අංකුර සහිත අර්ධ දැවමය කොටස් තෝරා ගැනීම ඇතුළත් වේ. මෙම දඬු කැබලි සාමාන්‍යයෙන් පඳුරේ පහළ කොටස් වලින් ලබා ගනී.

Cinnamon Leaf Cutting

තෝරාගත් මව් ශාක වලින් අතු කැපීමේදී පහත නිවැරදි ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ:

  1. වේලාව සහ මෙවලම්: උදෑසන කාලයේදී තියුණු, පිරිසිදු තලයක් භාවිතයෙන් අතු කපා ගන්න.
  2. ප්‍රවාහනය: කැපූ වහාම දඬු කැබලි ජලය සහිත බඳුනක තබන්න.
  3. සිටුවීමට සූදානම් කිරීම: සෑම දණ්ඩකම අඟල් 2ක් පමණ දිගැති පත්‍රයක් සහ සක්‍රීය අංකුරයක් ඉතිරි වන සේ සකසන්න.
  4. ජලයේ තැබීම: සිටුවන තෙක් දඬු කැබලි ජලයේ ගිල්වා තබන්න.

මෙම මාර්ගෝපදේශ පිළිපැදීමෙන් දඬු කැබලි මගින් කුරුඳු ප්‍රචාරණය සාර්ථකව සිදු කරගත හැක.

තවාන් සකස් කිරීම සහ සිටුවීම

වර්ධක දඬු කැබලි සඳහා තවාන් සකස් කිරීම සහ සිටුවීමේදී පහත පියවර අනුගමනය කළ යුතුය:

  • තවාන් ව්‍යුහය: ගේජ් 500 විනිවිද පෙනෙන පොලිතින් සහිත ප්‍රචාරක කුටියක් හෝ මඩුවක් සකස් කරගන්න.
  • බඳුන් මිශ්‍රණය: බීජ පැළ සඳහා භාවිත කරන බඳුන් මිශ්‍රණයම භාවිත කරන්න.
  • දඬු සිටුවීම: බඳුනකට දඬු කැබලි 2ක් හෝ 3ක් සිටුවන්න.
  • ජල සම්පාදනය සහ ආරක්ෂාව: සිටුවීමෙන් පසු හොඳින් ජලය යොදා දිලීර නාශකයක් යොදන්න.
  • නඩත්තුව: සති 4, 6 සහ 8 දී ප්‍රචාරකය විවෘත කර පරීක්ෂා කරන්න. සති 10 දී ස්ථිරව විවෘත කරන්න.
  • හුරු කිරීම: පැළ බාහිර පරිසරයට හා සූර්යාලෝකයට ක්‍රමයෙන් හුරු කරන්න.
  • ක්ෂේත්‍රයේ සිටුවීම: මාස 6 ක වර්ධනයෙන් පසු පැළ ක්ෂේත්‍රයේ සිටුවීමට සූදානම් වේ.

මෙම පියවර නිසි ලෙස අනුගමනය කිරීමෙන් උසස් තත්ත්වයේ කුරුඳු පැළ ලබාගත හැක.