
ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ දළ විශ්ලේෂණය
ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය
ස්ථානය : කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහාම වෙන්වූ එකම පර්යේෂණ මධ්‍යස්ථානය වේ. එය ලෝකයේ සත්‍ය කුරුඳු වෙනුවෙන් කැපවූ පැරණිතම සහ එකම පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස ද සැලකේ. මෙම මධ්‍යස්ථානය දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ අක්කර 22 ක භූමි භාගයක පිහිටා ඇත.
පර්යේෂණ අංශ : ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය පර්යේෂණ අංශ හතරකින් සහ එක් පුහුණු අංශයකින් සමන්විත වේ:
ශෂ්යවිද්යා සහ බෝග වැඩිදියුණු කිරීමේ අංශය
- යහපත් කෘෂිකාර්මික භාවිතයන් හඳුන්වා දීම
- උසස් තත්ත්වයේ ප්‍රභේද සංවර්ධනය කිරීම
- තවාන් කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීම
- උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ
- සත්‍ය කුරුඳු ප්රවේණි ද්‍රව්‍ය එක්රැස් කිරීම, සංරක්ෂණය සහ ඇගයීම
- විකල්ප තවාන් බඳුන් සහ පෝෂක එක්කිරීමේ සැලසුම් පිළිබඳ ශක්‍යතා අධ්‍යයන
- කුරුඳු සමඟ කළ හැකි අතුරු බෝග වගා ක්‍රම පිළිබඳ අධ්‍යයන
පාංශු සහ ශාක පෝෂණ අංශය
- පාංශු සාරවත් බව වැඩිදියුණු කිරීම සහ ඒකාබද්ධ පෝෂක කළමනාකරණ පද්ධති සංවර්ධනය කිරීම.
- ස්ථානීය නිශ්චිත පොහොර නිර්දේශ ලබා දීම.
- අඩු පිරිවැය සහ කාර්යක්ෂම තවාන් පස් මිශ්‍රණ සකස් කිරීමේ ක්‍රම සංවර්ධනය කිරීම
- පාංශු සාරවත් බව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම පිළිබඳ පර්යේෂණ
- පාංශු සංශෝධන මගින් පෝෂක ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අධ්‍යයන
- ප්‍රධාන සහ සුළු පාංශු ආශ්රිත සීමා හඳුනා ගැනීම
- පාංශු පෝෂක ඌනතා නිරීක්ෂණය සඳහා කුරුඳු ශාකයේ දෘශ්‍ය දර්ශක හඳුනා ගැනීම
ශාක ආරක්ෂණ අංශය
- කුරුඳු වල ප්‍රධාන පළිබෝධ, රෝග සහ වල් පැලෑටි, ඒවායේ ජීව විද්‍යාව, අස්වනු හානිය සහ කළමනාකරණය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම.
- කෘෂිරසායන භාවිතය අවම කරමින් සිදුකරන පළිබෝධ කළමනාකරණ පර්යේෂණ
- බෝග සෞඛ්‍යය හා පසු අස්වනු පළිබෝධ කළමනාකරණය
- ෆෙරමෝන සහ ප්‍රතිවිරුද්ධ ක්ෂුද්රජීවීන් භාවිතයෙන් පළිබෝධ පාලනය පිළිබඳ පර්යේෂණ
- කුරුඳු පළිබෝධ කළමනාකරණයේදී නිරවද්‍ය කෘෂිකාර්මික ප්රවේශයන් භාවිතය
- ප්‍රතිරෝධී ප්‍රභේද සඳහා කුරුඳු ප්රවේණි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම
- කුරුඳු වල ප්‍රධාන දිලීර රෝග ආශ්රිත අධ්‍යයන
පසු අස්වනු තාක්ෂණ අංශය
- පොතු සහ තෙල් අස්වැන්න වැඩි කිරීම සඳහා අස්වනු නෙලීමේ පිළිවෙත් හඳුනා ගැනීම
- කුරුඳු සැකසීමේ ගුණාත්මක සහ සනීපාරක්ෂක තත්ත්වයන්
- පසු අස්වනු හැසිරවීම සහ ගබඩා ආයු කාලය වැඩි කිරීම
- කුරුඳු සඳහා අගය එකතු කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය
- පසු අස්වනු පළිබෝධ පාලනය
- කුරුඳු වල ඖෂධීය හා සෞඛ්‍යමය ගුණාංග පරීක්ෂා කිරීම
- කුරුඳු ඇසුරුම්කරණය පිළිබඳ අධ්‍යයන
- විවිධ කෘෂි පාරිසරික කලාපවල සත්‍ය කුරුඳු වල ගුණාත්මක හා ප්‍රමාණාත්මක විචලනය පිළිබඳ අධ්‍යයන
- ප්‍රාථමික සැකසුමෙන් පසු අගය දාමයේ විවිධ මට්ටම්වල කුරුඳු කූරු වල ගුණාත්මකභාවය පිළිබඳ අධ්‍යයන
- කුරුඳු යාන්ත්‍රික අස්වනු නෙලීමේ ශක්‍යතා අධ්‍යයන
- තෝරාගත් සත්‍ය කුරුඳු ප්රභේදවල පෝෂණ සංඝටක විශ්ලේෂණය
පුහුණු වැඩසටහන් සහ ඉගෙනුම් අවස්ථා
වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් තම සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වේ. විශ්වවිද්‍යාල සහ කෘෂිකාර්මික ආයතනවල සිසුන් මෙම ආයතනය තුළ ප්‍රායෝගික පුහුණුව, සීමාවාසික පුහුණුව සහ පර්යේෂණ කටයුතු සඳහා සහභාගී වේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් කුරුඳු කර්මාන්තය පිළිබඳ දැනුම ලබා ගැනීමට හෝ නව ව්‍යවසාය ආරම්භ කිරීමට මධ්‍යස්ථානයේ පුස්තකාලය පරිශීලනය කරයි.
මෙම පර්යේෂණ මධ්‍යස්ථානයට අනුබද්ධ පුහුණු මධ්‍යස්ථානය සහ නේවාසිකාගාරය මගින් කුරුඳු වගාවේ සහ අපනයනයේ සියලුම අදියර ආවරණය වන පරිදි වාර්ෂිකව පුහුණු වැඩසටහන් 15 ක් පමණ පවත්වනු ලැබේ.
වෙනත් සේවාවන්
- සම්පූර්ණ පහසුකම් සහිත කුරුඳු තෙල් නිස්සාරණ ඒකකය.
- පරිපථ බංගලාව.
ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය කුරුඳු කර්මාන්තයේ පර්යේෂණ, පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. එය ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද කුරුඳු කර්මාන්තයේ උසස් ප්රමිතීන් පවත්වා ගැනීමට සහ වැඩිදියුණු කිරීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
