Department of Cinnamon Development
උපදේශන සේවා

උපදේශන සේවා

ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය මගින් සපයනු ලබන සේවාවන්

1. රසායනාගාර විශ්ලේෂණ සේවා

  • පස් සාම්පල පරීක්ෂා කර ප්‍රතීතනය ලත් රසායනාගාර මගින් වාර්තා ලබාදීම.
  • කුරුඳු තෙල් අපනයනය සඳහා අවශ්‍ය සංඝටක විශ්ලේෂණය සහ ප්‍රමිති පරීක්ෂණ.

2. ක්ෂේත්‍ර පරීක්ෂණ සේවා

  • කුරුඳු ඉඩම් පරීක්ෂා කර වගාව වැඩිදියුණු කිරීමට හෝ ගැටළු විසඳීමට උපදෙස් ලබාදීම.
  • රෝග සහ පළිබෝධ හඳුනාගැනීම හා කළමනාකරණ උපදෙස් ලබාදීම.

3. උපදේශන සේවා

  • ඉඩම් තේරීම, බෝග ස්ථාපනය, පාංශු කළමනාකරණය, අස්වනු සැකසීම සහ පසු අස්වනු තාක්ෂණය පිළිබඳ උපදෙස්.

4. පුහුණු සේවා

  • කුරුඳු කර්මාන්තයේ සෑම අදියරක් සඳහාම අවශ්‍ය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
  • සංචාරක පුහුණු ඒකකය මගින් ග්‍රාමීය මට්ටමේ පුහුණු පාඨමාලා පැවැත්වීම.

5. පර්යේෂණ සහාය සහ වෙනත් සේවා

  • විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සිසුන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව ලබාදීම.
  • නව කුරුඳු ප්‍රභේද සහ පර්යේෂණ සඳහා පැල ද්‍රව්‍ය සැපයීම.
  • බාහිර පාර්ශවයන් සඳහා ගෙවීම් පදනම මත කුරුඳු තෙල් නිස්සාරණ පහසුකම් සැපයීම.
  • කුරුඳු කපන යන්ත්‍ර සහ කුරුඳු කැබලි කිරීමේ යන්ත්‍ර භාවිතයට අවස්ථාව ලබාදීම.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සේවාවන්

1. පැළ තවාන් ලියාපදිංචිය සහ මඟපෙන්වීම

  • කුරුඳු පැළ තවාන් ලියාපදිංචි කිරීම.
  • නිකුත් කිරීමට සුදුසු පැළ සහතික කිරීම.
  • උසස් තත්ත්වයේ පැළ නිෂ්පාදනය සඳහා තවාන්කරුවන්ට තාක්ෂණික උපදෙස් ලබාදීම.

2. ගොවි පුහුණු සහ ක්ෂේත්‍ර දින වැඩසටහන්

  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ඵලදායිතාව ඉහළ නැංවීම පිළිබඳ පුහුණු සැසි පැවැත්වීම.

3. GAP සහතිකකරණ මඟපෙන්වීම

  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහතිකය ලබාගැනීමට සහාය වීම.

4. GI අනුකූලතා මඟපෙන්වීම

  • භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා සහාය ලබාදීම.

5. ක්ෂේත්‍ර පාංශු pH පරීක්ෂාව

  • ඉහළ අස්වැන්නක් ලබාගැනීම සඳහා ක්ෂේත්‍රයේදීම පාංශු pH පරීක්ෂා කිරීම.

6. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

  • කුරුඳු කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීම සඳහා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.

7. ක්ෂේත්‍ර පරීක්ෂණ සහ උපදේශන

  • ගොවීන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කර ක්ෂේත්‍ර උපදෙස් ලබාදීම.

8. කර්මාන්තශාලා සඳහා තාක්ෂණික සහාය

  • කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා මඟපෙන්වීම.

9. අගය එකතු කිරීමේ සහ අපනයන පුහුණු

  • අගය එකතු කළ කුරුඳු නිෂ්පාදන සහ අපනයන වෙළඳපල සූදානම පිළිබඳ පුහුණු වැඩසටහන්.

10. තත්ත්ව සහතිකකරණ සහාය

  • GMP, HACCP සහ ISO තත්ත්ව සහතික ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සැපයීම.