

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
විශිෂ්ටත්වය වගා කරමින්, ජීවිත පොහොසත් කරමු
අද්විතීය ශ්‍රී ලාංකේය කුරුඳු වල ආකර්ෂණීය සුවඳ ලොව පුරා බෙදා ගැනීමට අපි කැපවී සිටිමු.



කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය නංවාලීමේ දැවැන්ත පියවරක් ලෙස, 2023 අංක 16 දරන අයවැය යෝජනාව මගින් කුරුඳු සංවර්ධනය සඳහාම වෙන්වූ නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට යෝජනා විය. මෙමගින් සුළු අපනයන බෝගයක් වූ කුරුඳු ප්‍රධාන වාණිජ වැවිලි බෝගයක් බවට පත්කිරීම අරමුණු කෙරිණි.

දැක්ම සහ මෙහෙවර
දැක්ම
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන නැඹුරු වැවිලි බෝගය ලෙස සිලෝන් කුරුඳු ස්ථානගත කිරීම
මෙහෙවර
තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම, ගුණාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම තුළින් ජාතික ආර්ථිකයට කුරුඳු කර්මාන්තයේ දායකත්වය ශක්තිමත් කිරීම සහ සියලු පාර්ශවකරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම අපගේ මෙහෙවරයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

ගරු කේ.ඩී. ලාල්කාන්ත මයා
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

ගරු නාමල් කරුණාරත්න මයා
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

ඩී.පී. වික්‍රමසිංහ මයා
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්

එල්.එම්.ජේ.කේ. ලින්දාර මයා
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
වීඩියෝ ගැලරිය
උසස් තත්ත්වයේ සිලෝන් කුරුඳු සකස් කිරීම
සිලෝන් කුරුඳු වල ඓතිහාසික උරුමය
කුරුඳු නිෂ්පාදනයේ ආකර්ෂණීය ගමන
පිරිසිදු සිලෝන් කුරුඳු වගාව
මාසික පුහුණු කාලසටහන – 2026 ජූනි
ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය වෙත ලැබුණු පුහුණු ඉල්ලීම් මත පදනම්ව, පහත සඳහන් වැඩසටහන් ජූනි මාසයේදී මධ්‍යස්ථානයේදී සහ බාහිර ස්ථානවලදී පැවැත්වීමට නියමිතය.
යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) යටතේ කුරුඳු අස්වනු නෙලීම සහ සැකසීම
යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) යටතේ කුරුඳු අස්වනු නෙලීම සහ සැකසීම
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යටතේ කුරුඳු ඉඩම් කළමනාකරණය
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යටතේ කුරුඳු ඉඩම් කළමනාකරණය
යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) යටතේ කුරුඳු අස්වනු නෙලීම සහ සැකසීම
සටහන: නොවැළැක්විය හැකි හේතු මත මෙම පුහුණු කාලසටහන වෙනස් විය හැක. වැඩි විස්තර සඳහා අමතන්න: +94 41 2245407, +94 718125575 | විද්‍යුත් තැපෑල : info.cinnamontraining@gmail.com
More information, please contact +94 41 2245407, +94 718125575 • Email: info.cinnamontraining@gmail.com




















