
23 July 2026
👤විසින් Damitha Kariyawasam
භූගෝලීය දර්ශක (GI) සහතිකලත් ලංකා කුරුඳු නිෂ්පාදන ප්‍රවර්ධනය
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ GI සහතිකලත් ලංකා කුරුඳු ප්‍රවර්ධන කුටියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් 2026 ජූලි 20 වන දින විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරන ලදී.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා, ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමයේ නියෝජිතයන් සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් මෙම නිරීක්ෂණයට සහභාගී වූහ.
මෙම ප්‍රදර්ශන හා අලෙවි කුටිය මගින් ජාත්‍යන්තර සංචාරකයින් වෙත උසස් තත්ත්වයේ ලංකා කුරුඳු අනන්‍යතාව සහ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීම අරමුණු කරයි.
මෙම වැඩසටහන යටතේ විදෙස් සංචාරකයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ සංචාරක ක්ෂේත්රයේ පාර්ශවකරුවන් ඉලක්ක කරගනිමින් පුළුල් ප්‍රවර්ධන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

භූගෝලීය දර්ශක සහතිකලත් ලංකා කුරුඳු ප්‍රවර්ධනය 1

භූගෝලීය දර්ශක සහතිකලත් ලංකා කුරුඳු ප්‍රවර්ධනය 2

භූගෝලීය දර්ශක සහතිකලත් ලංකා කුරුඳු ප්‍රවර්ධනය 3

