
පාලන අංශය
පාලන අංශය මගින් සිදු කරන කාර්යභාරය
- 1.කාර්ය මණ්ඩල අනුමත කිරීම් ලබා ගැනීම සහ කාර්ය මණ්ඩල යාවත්කාලීන කිරීම්වලට අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම.
- 2.ඒකාබද්ධ නොවන දෙපාර්තමේන්තුගත සේවා තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටි (SOR) සකස් කිරීම, බඳවා ගැනීම් කළමනාකරණය, ස්ථාන මාරු, උසස්වීම් සහ නිලධාරීන්ගේ විනය පාලනය ඇතුළු දෙපාර්තමේන්තු තනතුරු හා විනය බලධාරීත්වය යටතේ පැවරී ඇති ආයතනික කාර්යයන් ඉටු කිරීම.
- 3.සමස්ත ලංකා සේවා / ඒකාබද්ධ සේවා නිලධාරීන් පත් කිරීම, ස්ථාන මාරු කිරීම, උසස් කිරීම සහ විනය අධීක්ෂණය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත පැවරී ඇති වගකීම්වලට අදාළ සාමාන්‍ය ආයතනික කාර්යයන් ඉටු කිරීම සහ නිර්දේශ ලබා දීම.
- 4.පරිපාලන කාර්යයන්ට අදාළව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සම්බන්ධීකරණය කිරීම.
- 5.මාතර පලොල්පිටියේ පිහිටි සංචාරක නිවාසයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු කළමනාකරණය කිරීම.
- 6.ප්‍රධාන කාර්යාලය සහ ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය යන දෙඅංශයේම ගොඩනැගිලි, ඉදිකිරීම්, යන්ත්‍ර සූත්‍ර, උපකරණ සහ වාහන ඇතුළු මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම. ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ, යන්ත්‍රෝපකරණ, ඉඩම් හා ඉඩම් සංවර්ධනය, මෘදුකාංග සංවර්ධනය සහ අනෙකුත් අදාළ මූලධන වත්කම් අත්පත් කර ගැනීම.
- 7.මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි කළමනාකරණය කිරීම.
- 8.මානව සම්පත් සංවර්ධන සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළු ආයතනික මානව සම්පත් සංවර්ධනයට අදාළ කාර්යයන් ඉටු කිරීම.
- 9.රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ලබාදීමට අදාළ කටයුතු කළමනාකරණය කිරීම.
- 10.පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු කෙටුම්පත් කිරීම සහ අමාත්‍යාංශ සමාලෝචනය සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම.
- 11.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්), මහජන පෙත්සම් කාරක සභාව, අංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු ලේඛන සහ වාර්තා යොමු කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- 12.වාහන පරිපාලනය සහ නඩත්තුව කළමනාකරණය කිරීම.
- 13.කුරුඳු සංවර්ධන පනත යටතේ නීතිමය සහ ව්‍යවස්ථාපිත අවශ්‍යතා සැකසීමට අදාළ මූලික කාර්යයන් ඉටු කිරීම.
- 14.අඛණ්ඩ කාර්යාල උපයෝගිතා සේවාවන් සහතික කිරීම.
