Department of Cinnamon Development
තොරතුරු දැනගැනීමේ පනත

තොරතුරු දැනගැනීමේ පනත

තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රය

තොරතුරු දැනගැනීමේ පනත

ඇමතුම් විස්තර

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව – http://www.rticommission.lk

කාමර අංක 203,204- දෙවන පරිශ්‍රය,

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,

බෞද්ධාලෝක මාවත, කොළඹ 07

rti.commission16@gmail.com

011 2691625 / 011 2678980

011 2691625

තොරතුරු නිලධාරි (තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත)

අරුණ රණවක

සහකාර අධ්‍යක්ෂ

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව

ගුණරත්න වීරකෝන් මාවත,

බොරකන්ද,

කරන්දෙණිය.

Telephone : 0094 91 2210999

E-mail :

නම්කළ නිළධාරී

එල්. එම්. ජේ. කේ ලින්දර මහතා

අධ්‍යක්ෂ ජනරාල්

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව

ගුණරත්න වීරකෝන් මාවත,

බොරකන්ද,

කරන්දෙණිය

Telephone : 0094 91 2210999

Fax :

E-mail :

ගාස්තු

  1. අයදුම්පත් ගාස්තු:
    1. කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අයදුම්පතක් සැපයීමේදි කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
    2. තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
  2. තොරතුරු සඳහා ගාස්තු:

    අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා කිසිදු ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරයක් විසින් අය කරනු ලැබිය හැකිය:

    1. ජායාපිටපත් ගැනිම:
      • A4 (සෙ.මි 21 x සෙ.මි 29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු. 2/- සහ එකම කොළයේ දෙපැත්ත රු. 4/- ක් වේ.
      • ලීගල් ප්‍රමාණයේ (සෙ.මි 21.59 x සෙ.මී 35.56) කඩදාසියක සහ A3 (සෙ.මී 29.7 x සෙ.මී 42) ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු. 4/- සහ එකම කොළයේ දෙපැත්ත රු. 8/- ක් වේ.
      • ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකරේ.
    2. මුද්‍රිත පිටපත් ලබා ගැනිම:
      • A4 (සෙ.මී 21 x සෙ.මී 29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු. 4/- සහ එකම කොළයේ දෙපැත්ත රු. 8/- ක් වේ.
      • ලීගල් ප්‍රමාණයේ (සෙ.මී 21.59 x සෙ.මී 35.56) කඩදාසියක සහ A3 (සෙ.මී 29.7 x සෙ.මී 42) ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු. 4/- සහ එකම කොළයේ දෙපැත්ත රු. 8/- ක් වේ.
      • ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසයක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකරේ.
    3. තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (diskette), සංයුක්ත තැටියක් (Compact Disk), යුඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු. 20/- බැගින් අය කරේ.
    4. පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (diskette), සංයුක්ත තැටියක් (Compact Disc), යුඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත පිටපත්කර දීම සඳහා සැබෑ වියදම අය කෙරේ.
    5. යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරික්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් හෝ ඉදිකිරිම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු. 50/- බැගින් අය කෙරෙනු ලබන අතර, එකී අධ්‍යයනය/පරික්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේ නම් පළමු පැය සඳහා ගාස්තු අය නොකෙරේ.
    6. නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇත.
    7. ඊ මේල් (විද්‍යුත් තැපෑල) මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නොකරේ.
  3. චක්‍රෙල්ඛ හෝ රීති වශයෙන් මීට පෙර නියමකළ හෝ නිකුත් කළ ගාස්තු උපලේඛනයක් යම්කිසි පොදු අධිකාරියක් සතුව පවතියි නම්, 4 වන රීතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත.

    මේ අනුව, දැනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යම්කිසි ගැටුමක් ඇති වුවහොත්, ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රීතිවලට අනුකූලව එබඳු තත්වයක්, කොමිෂන් සභාවෙන් නිශ්චය කළ යුතු අභියාචනයට විෂය විය හැකිය.

  4. ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු:
    1. ඉහත සඳහන් කළ 4 වැනි රීතියේ කුමක් සඳහන් වුවද, පොදු අධිකාරිය විසින් පිටු හතරක් (ඒ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අන්තර්ගත හෝ සකසන ලද ජායාපිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබාදිය යුතුය.
    2. සාමාන්‍යයෙන් ගාස්තුවකින් තොරව ලබාදිය හැකි තොරතුරු, තවදුරටත් ගාස්තුවකින් තොරවම ලබාදිය යුතුය.
  5. ගාස්තු ගෙවීමේ ක්‍රමය:

    මෙකී රීතිවල අන් තැනෙක කුමක් සඳහන් වුවද, පොදු අධිකාරියට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අය කළ හැකිය:

    • තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්;
    • පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත යොමු කළ බැංකු අණකරයක් මගින්;
    • තැපැල් කාර්යාල ගෙවීම් පත්‍රිකාවක් හෝ පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත ගෙවිය හැකි තැපැල් ඇණවුමක් මගින්.

    ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් වුවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාළව රිසිට්පතක් නිකුත් කළ යුතුය.

  6. තොරතුරුවලට ප්‍රවේශය:
    1. විශාල වෙළුම්වලින් සැපයිය යුතු තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන්, එකී තොරතුරුවලට ප්‍රවේශය ලබාදීමට පෙරාතුව එම ප්‍රවේශය ලබාදිය හැකි විවිධ ආකෘති පිළිබඳව සහ ඒවාට අනූකූල ගාස්තු පිළිබඳව මෙන්ම සටහන් ලබාගැනීමේ හැකියාව, උපුටා ගැනීම් පිටපත් කර ගැනීමේ හැකියාව, සහ ඡායාරූප ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් තොරතුරු නිලධාරියා පුරවැසියාව දැනුවත් කළ යුතුය.
    2. 5 වන 6 වන රීතීයේ සඳහන් කර ඇති තත්වය හැරුණුකොට, නියම කරන ලද ගාස්තුව එකී තොරතුර ඉල්ලා සිටි පුරවැසියා වෙත තොරතුර වෙත ප්‍රවේශය ලබාදීමට පෙර සම්පූර්ණයෙන් ගෙවිය යුතුය.
  7. ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරීම:
    1. පනතේ 8 වැනි වගන්තිය අනුව අමාත්‍යවරුන් විසින් පළ කරනු ලබන වාර්තා සහ පනතේ 10 වැනි වගන්තිය අනුව පොදු අධිකාරීන් විසින් පළකරනු ලබන වාර්තා පරීක්ෂා කිරීම, වෙබ් අඩවියකින් බාගත කිරීම, විද්‍යුත් පිටපත් ලබාගැනීම ගාස්තුවකින් තොරව සිදුකළ හැකි විය යුතුය.
    2. පනතේ 9 වැනි වගන්තියෙන් දක්වන ආකාරයට ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන අමාත්‍යවරයෙක් එකී ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු පොදුවේ මහජනයා වෙත ලබාදිය යුතුය.
  8. ගාස්තු පිළිබඳ අභියාචන:
    1. තොරතුරු ඉල්ලීම සිදුකරන පුරවැසියා තොරතුරු නිලධාරියා විසින් වැඩිපුර ගාස්තු අය කළේ යැයි සිතයි නම්, පනතේ 31 වගන්තිය ප්‍රකාරව දින දාහතරක් ඇතුළත නම් කළ නිලධාරියා වෙත අභියාචනය කළ හැකිය.
    2. නම් කළ නිලධාරියාගේ තීරණය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන්නේ නම් එම තීරණයෙන් මාස 2ක් ඇතුළත කොමිෂන් සභාව වෙත අභියාචනයක් කළ හැකිය.
    3. නම් කළ නිලධාරියා හෝ කොමිෂන් සභාව වෙත අභියාචනයක් කිරීමේදී ගාස්තුවක් ගෙවිය යුතු නොවේ.
  9. අභියාචනයක් සාර්ථක වීම මත ගාස්තු අය කිරීමෙන් නිදහස් කිරීම:

    නම් කළ නිලධාරියා වෙත හෝ කොමිෂන් සභාව වෙත පුරවැසියකු විසින් කරනු ලබන අභියාචනයක් සාර්ථක වී නම් පුරවැසියා විසින් ඉල්ලා සිටි එකී තොරතුර ගාස්තු අය කිරීමකින් තොරව ලබාදිය යුතුය.

ගාස්තු ප්‍රතිපූර්ණය: පනතේ විශේෂිතව දක්වා ඇති කාල පරිච්ඡේදය තුළ අදාළ තොරතුර සපයා නැතිවිටදි පනතේ 15 (උ) වගන්තිය අනුව කොමිසමට තොරතුරු ඉල්ලීම කරනු ලැබු පුරවැසියාගෙන් අය කරනු ලැබු ගාස්තු ප්‍රතිපූර්ණය කරන ලෙසට පොදු අධිකාරියකට විධාන කළ හැකිය.