Department of Cinnamon Development
නවතම පුවත්

නවතම පුවත්

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සිය පළමු ප්‍රාදේශීය කාර්යාලය ගම්පහදී විවෘත කරයි
02 July 2025
👤විසින් Damitha Kariyawasam

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සිය පළමු ප්‍රාදේශීය කාර්යාලය ගම්පහදී විවෘත කරයි

ක්ෂේත්‍ර මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය 2025 ජූලි 01 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 6 වන මහලේදී අධ්‍යක්ෂ ජනරාල් ජානක ලින්දාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම නව ප්‍රාදේශීය කාර්යාලය මඟින් ගම්පහ, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කුරුඳු සංවර්ධන කටයුතු අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරනු ලැබේ.

ඉදිරියේදී දිවයිනේ සෙසු ප්‍රදේශවලද මෙවැනි ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය 1 1