
24 March 2025
👤විසින් Damitha Kariyawasam
කුරුඳු ආශ්රිත නිෂ්පාදන අලෙවිසැල විවෘත කිරීම
ශ්රී ලංකා ආර්ථිකයේ ප්රධාන කුළුණක් වන සංචාරක කර්මාන්තය ඔස්සේ උසස් තත්ත්වයේ කුරුඳු නිෂ්පාදන ප්රවර්ධනය සඳහා සංචාරක කලාප ඉලක්ක කරගත් වැඩසටහනක් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.
සංචාරකයින් සඳහා අගය එකතු කළ කුරුඳු නිෂ්පාදන අලෙවිසැල් ජාලයක් ප්රචලිත කිරීම මෙහි මූලික අරමුණයි.
මිරිස්ස සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ජයිත් සිලෝන් සිනමන් පුද්ගලික සමාගම මගින් ස්ථාපිත අලෙවිසැල දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

